මෙරට වයස්ගතම කාන්තාව ජීවිතක්ෂයට පත්වේ

මෙරට වයස්ගතම කාන්තාව ලෙසට සැලකුණු කළුතර, දොඩම්ගොඩ පදිංචිව සිටි වේලූ පාප්පානි මාතාව ඊයේ (29) පස්වරුවේ අභාවප්‍රාප්ත වුණා.

මිය යන විට 117 වැනි වියේ පසු වූ ඇය දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නෑහින්න ග්‍රාමයේ පදිංචිව සිටියාය. ඇය උපත ලබා තිබුණේ 1903 වසරේ මැයි මස 03 වැනිදායි.

රජයෙන් නිකුත් කරන වැඩිහිටියන් සඳහාවන හැඳුනුම්පත මගින්ද ඇයගේ වයස සනාථ කර තිබුණු අතර, මෙරට වයස්ගතම කාන්තාව බවට සඳහන් කරමින් වැඩිහිටියන් සඳහා වූ ජාතික සභාව ඇය වෙත සහතියක්ද 2019 වසරේ ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබූ ජාත්‍යන්තර වැඩිහිටි දිනයේදී පිරිනමා තිබුණි.

පාප්පානි මාතාව දෙදරු මවක් බවට පැවසෙන අතර දොඩම්ගොඩ ප්‍රාදේශීය ලේකම් දර්ශනී රණසිංහ මහත්මිය සඳහන් කරන්නේ වේලු පාප්පානි මාතාව ඉතා නිරෝගී දිවියක් ගත කළ අයෙකු බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *