මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලඳීම අද සිට අනිවාර්ය වෙයි

අද (11) සිට මාර්ගවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැලදීම අනිවාර්ය කර තිබේ. එලෙස මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයින් ආපසු හරවා යැවීමට කටයුතු කරන ලෙසටයි වැඩබලන පොලිස්පතිවරයා සියලූ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහ පොලිස් ස්ථාන වෙත නියෝග කර තිබෙන්නේ.

ඇඳිරි නීති බලපත‍්‍ර ලබාගෙන ඇති සහ මාර්ගවල ගමන් කිරීමට වෙනත් අවසරයන් හිමි පුද්ගලයින්ටද මෙම නියෝගය කි‍්‍රයාත්මක කරන ලෙසටයි වැඩ බලන පොලිස්පතිවරයා උපදෙස් දී ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *