මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශ වලට විරුද්ධව ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට පාකිස්තානය ඉදිරිපත් වේ.
විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ එළඹෙන 23දා ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේදී සාකච්ඡාවට ගැනෙන නිර්දේශයන්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙසට, පකිස්තානය විසින් එම කොමිසම නියෝජනය කරන මුස්ලිම් රටවලින් ඉල්ලා ඇති බවයි.
මේ අතර පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා එළඹෙන 22 දා දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
ජිනිවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ලබන 23 වනදා ඡන්ද විමසුමකට ලක් කිරීමට ද නියමිතව තිබේ.