මහජන සෞඛ්‍ය පරීක්ෂකට පහර දුන් 16 හැවිරිදි තරුණයා අත්අඩංගුවට

Share this Article

රඹුක්කන ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදුකල කඩිගමුව ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අද (06) මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

පසුගිය 4 වනදා මෙලෙස පහර කෑමට ලක්වුණේ රඹුක්කන මහජන සෞඛ්‍ය කාර්යාලයේ සේවයේ නියතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. කැපුම් තුවාල හේතුයෙන් ඔහුව රඹුක්කන රෝහලට ඇතුලත් කර තිබුණා.


Share this Article

Leave a Reply

Your email address will not be published.