මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද ආරම්භ කෙරේ

මාසයක පමණ කාලයකට පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු අද (17) සිට නැවත ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ අභ්‍යන්තර කටයුතු අද දිනයේ සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ.

ඒ මහතා වැඩිදුරටත් කියාසිටින්නේ අද දිනයේදී තැපැල් කාර්යාල විවෘත කිරීමක් හෝ තැපැල් කාර්යාල ආශි‍්‍රත කවුළු රාජකාරී ආරම්භ කිරීමක්ද සිදුනොවන බවයි.

කෙසේවෙතත් නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද භාවිත කරමින් තැපැල් භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ශ‍්‍රී ලංකා රේගුව පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *