බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් කොරෝනා ආසාධනය වී මරුට

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි. මෙසේ මිය ගොස් ඇත්තේ උතුරු ලන්ඩනයේ එඩ්මන්ටන් ප්‍රදේශයේ පදිංචි අනුර ගාල්ලගේ නැමැති පුද්ගලයෙකි.

කොරෝනා ⁣වයිරසය ආසාදනය වීම නිසා සිය නිවසේම ස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ (06) රාත්‍රියේදී ඇති වූ ස්වසන අපහසුතාව හේතුවෙන් ඔහුගේ නිවසේ කාමරය තුලදීම මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව කොරෝනා අසාදනයෙන් මිය ගිය තෙවැනි ශ්‍රී ලාංකිකයා මොහු වේ. අනුර ගාල්ලගේ මහතා සිය පවුලේ අය සමග බ්‍රිතාන්‍යයේ ජීවත්වන අතර ඔහු එරට එන්ෆීල්ඩ් සහ එඩ්මන්ටන් බෞද්ධ විහාරස්ථාන වල ප්‍රදාන දායකයෙකු ලෙසින්ද කටයුතු කළ බවට වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *