බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඬලිය හැකි නව එන්නතක් අමෙරිකාව විසින් සොයා ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ “නෝවාවැක්ස්” ලෙසින් හඳුන්වා ඇති මෙම එන්නත 89.3%ක් ලෙස සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති බවයි.
අමෙරිකානු කොරෝනා මර්දන එන්නතක් වඩාත් සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව බ්‍රිතාන්‍යයේ සායනික පරීක්ෂණයකින්ද හෙළි වී තිබේ.
බ්‍රිතාන්‍යයෙන් හමුවූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය මැඬපවැත්වීමට හැකි බව පෙන්නුම් කළ ප්‍රථම එන්නතද ලෙසට වාර්තා වන “නෝවාවැක්ස්” එන්නත වයස අවුරුදු 18 – 84 අතර පසුවූ පුද්ගලයන් 15,000කට වැඩි පිරිසක් යොදා ගෙන පර්යේෂණයකින් ඒ බව තහවුරු කරගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වසර දෙවැනි කාර්තුවේදී එම කොරෝනා මර්දන එන්නත් මාත්‍රා බෙදාහැරීමට නියමිත අතර බ්‍රිතාන්‍යය මේ එන්නත් මාත්‍රා මිලියන 60ක් මිලදී ගැනීමට එකඟවී ඇතැයිද තොරතුරු වාර්තා වේ.