කැකිරාව – මරදන්කඩවල ඇටවීරවැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකු පසුගියදා බස් රථයක් තුළ ගමන් කරමින් සිටි රෝගීවීමෙන් අනතුරුව සිහිසුන් වී තිබේ. අනතුරුව සිහිසුන්වූ එම පුද්ගලයා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසා සිටින්නේ.
මරණයට පත් මෙම පුද්ගලයාගෙන් ලබා ගත් සාම්පල අනුරාධපුර ශික්ෂණ රෝහල මගින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.