බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුල්වන ස්ථාන ආශ්‍රිතව ඊයේ සිදුකළ පරීක්ෂාවකදී පළාත් මායිම් හරහා අනවසරයෙන් ගමන් කිරීමට පැමිණි පුද්ගලයන් 91 දෙනෙකු ආපසු හරවා යැවූ බව පොලීසිය පවසයි.
එමෙන්ම ඊයේ දිනයේ නිරෝධායන රීති උල්ලංඝණය කළ පුද්ගලයින් 1,027 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේය.