ඉන්ධන මිළ වැඩි වීම සමඟම බස් ගාස්තු ඉහළ යයි

ඉන්ධන මිල ඉහල දැමීම හරහා බස් කර්මාන්තයට තවත් බලපෑම් එල්ල වන බව ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් රැස්වී බස් ගාස්තු වැඩි කළයුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේය.
අත්‍යාවශ්‍ය සේවා සඳහා යොදවා ඇති පෞද්ගලික බස් රථවල ගාස්තුව සම්බන්ධයෙන්ද හෙට දිනයේදී තීරණයක් ගන්නා බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *