බම්බලපිටිය අනතුරින් හත් දෙනෙක් රෝහලේ

කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් බම්බලපිටිය බුලර්ස් හන්දියේදී ඩුප්ලිකේෂන් පාර අසලදී තුම්මුල්ල දෙසින් පැමිණි ලොරි රථයක ගැටීමෙන් ඊයේ උදෑසන සිදුවූ අනතුරකින් මගීන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ, ගැටීමෙන් පසු බස් රථය පෙරළී ගොස් ඇති බව ය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 දෙනෙකු පමණ සිට ඇති අතර ඉන් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි ඔවුන් පැවසුවේ.

බස් රථය මාර්ග සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

බම්බලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *