මැදපෙරදිග බලා යන ඕනෑම ගුවන් යානයක් හදිසි ගොඩබෑමක් ඉල්ලා සිටියහොත් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) සහ මත්තල ගුවන්තොටුපළ සූදානම් කර ඇති බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.
අවශ්‍ය නම් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහාය ද ලබා ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
විවිධ ගුවන් තොටුපළවල්වලින් BIA සහ මත්තල බලා පිටත් වූ ගුවන් යානා වෙනත් ගුවන් තොටුපළ වෙත හරවා යවා ඇති බවත්, එම ගුවන්යානාවල මගීන් හැකි ඉක්මනින් BIA සහ මත්තල ගුවන් තොටුපළ වෙත ආපසු යැවීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය.


