පෝලන්ත රැකියා ලබාගැනීමට ඒජන්සිවලට මුදල් ගෙවන රැකියා ලාභීන්ට නිවේදනයක්

පෝලන්ත රැකියා ලබාගැනීම සඳහා, තම රැකියාව තහවුරු කර ගැනීමෙන් පසුව හා කාර්යාංශයෙන් විමසීමෙන් පසුව පමණක් රැකියා නියෝජිතායතනවලට මුදල් ගෙවන මෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

ඇතැම් රැකියා නියෝජිතයින් පෝලන්තයේ රැකියා ලබාදෙන බවට නීත්‍යානුකූල පුවත්පත් දැන්වීම් පළකරමින්, රැකියාලාභීන්ගෙන් විශාල වශයෙන් මුදල් අය කරගන්නා බවට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම තීරණයට එළැඹි බව කාර්යාංශය සඳහන් කරයි. පෝලන්තයේ රැකියා සඳහා රැකියා ඇණවුම් හා ඒ සඳහා දැන්වීම් පළකිරිමට කාර්යාංශයේ අනුමැතිය ලබාදෙන අතර, වීසා පත්‍රය හා රැකියා ගිවිසුම නොමැතිව රැකියා ලාභීන්ගෙන් මුදල් අයකිරීමට අවසර ලබාදී නැත. එබැවින් කිසිවිටෙක රැකියා බලපත්‍රය හා රැකියා සඳහා වීසා බලපත්‍රය ලබා නොගෙන කිසිදු විටෙක ඒජන්සි ආයතනවලට මුදල් ලබාදීමෙන් වලකින ලෙස කාර්යාංශය රැකියා ලාභීන්ට දැඩිව අවධාරණය කරයි. එසේම කාර්යාංශයේ විධි විධානවලට පටහැනිව මුදල් අයකිරීමද නීති විරෝධි වේ.

පෝලන්තයේ රැකියා සම්බන්ධ සියළුම තොරතුරු කාර්යාංශයේ පැය 24 තොරතුරු මධ්‍යස්ථානයේ 011-2879901/ 011-2879903/ 011-2118700/ 011-2880500 යන දුරකථන අංකයන් වෙත ඇමතීමෙන් ලබාගන්නා ලෙසත්, මුදල් ලබාදීමට පෙර ඒ බව තහවුරු කරගන්නා ලෙසත් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *