පොළොන්නරුව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළාගිය රැඳවියන්ගේ තොරතුරු නිකුත් කෙරේ

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියන් 5 දෙනෙක් අද (31) අලුයම එම ස්ථානයෙන් පළා ගොස් ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීමට මේ වන විට පොලීසිය හා යුද හමුදාව විශේෂ මෙහෙයුමක් ද ආරම්භ කර තිබෙන අතර එලෙස පළාගිය රැඳවියන්ගේ තොරතුරු පොලිස් මුලස්ථානය විසින් මාධ්‍යය වෙත නිකුත් කර ඇත.

එම පුද්ගලයන්ගේ විස්තර මෙසේය

01. දඹල්ලගේ බුද්ධික විමලරත්න – වයස අවුරුදු 31යි.

02. මද්දුමරාලලාගේ කවිදු මධුශාන් – වයස 27යි. අංක 191/M, සුදුවැල්ල පාර, නැගෙනහිර වාඩිය, වෙන්නප්පුව.

03. විජේසූරිය ආරච්චිගේ හරිත කැළුම් අප්පුහාමි – වයස අවුරුදු 26යි. 2 වන හරස් වීදිය, පරුෂපාර, මාරවිල.

04. ඉමියා මුදියන්සේලාගේ නිමල් වසන්ත නොහොත් ගැටයා – වයස අවුරුදු 52යි. අඹගහ කොළණිය, අංගම්පිටිය, වයික්කාල.

05. පී.කේ සුමිත් පුෂ්පකුමාර – වයස අවුරුදු 36යි. අංක 1219 / ඒ, ජයමාවත පාර, බොරලැස්ස.

මෙම පුද්ගලයින් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.

මුලස්ථාන පොලිස් පරීක්ෂණ පොළොන්නරුව – 0718 591 233 හා 119

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *