බස්රථ

පුද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රු.5000 දිමනාවක්

කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා තම ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලයින්හට ලබා දෙන රු. 5000 සහන දීමනාව ලබා දෙන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්  ඊයේ (08) කරන ලද ඉල්ලීමට යහපත් ප්‍රතිචාර එතුමන් විසින් ලබා දුන් බව විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (08) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා විෂබීජ නාශක කුටීරයක් අමාත්‍යවරයා අතින් විවෘත කළ අතර එම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *