පී.සී.ආර්. සාම්පල් 3,000ක් රසායනාගාර වල ගොඩ ගැසේ

මෙරට විවිධ ප්‍රදේශවලින් එකතු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ සාම්පල් 3000ක් පමණ පරීක්ෂණවල යොමු නොකර රසායනාගාරවල තැන්පත් කර ඇති බව වාර්තා වේ. මෙම තත්වය පිළිඹදව ඊයේ (13) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීත්, පෙරේදා (12) රාජගිරියේ පිහිටි කොවිඩ් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැති සාකච්ඡාවකදීත් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

මෙම තත්වය උද්ගතවී ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්‍රියා කට්ටල හිඟය, රසායන ද්‍රව්‍ය හිඟය සහ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයින්ගෙන් ලබා ගන්නා සාම්පල ප්‍රමාණය අධික වීම නිසා බවත් වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසන්නේ පරීක්ෂණ කිරීමේ ප්‍රමාදයක් ඇති බවත්, සාම්පල ධාරිතාවය වැඩි වීම හේතුවෙන් ඊට සරිලන රසායනාගාර සංඛ්‍යාවක් සහ යන්ත්‍ර සංඛ්‍යාවක් සූදානම් නොමැති නිසාත් මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි. කෙසේවෙතත් ඉදිරියේ දී නව පී.සී.ආර්. යන්ත්‍ර ආනයනය කර රසායනාගාරවල ස්ථාපිත කිරීමටද නියමිත බවත් ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *