පිළියන්දලදී රංගජීව ඝාතනයට තැත්කළ නවාස් ඉන්දියාවේදී අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු වැටලීම් ප‍්‍රධානියා වූ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් පිළියන්දල ප‍්‍රදේශයේදී වෙඩි ප‍්‍රහාරයකට ලක් කර ඉන්දියාවට පැන ගිය එම්.එම්.එම්. නවාස් නමැත්තා සහ තවත් පුද්ගලයකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් තමිල්නාඩුවේ දී අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රුපියල් කෝටි දහසක් පමණ වටිනා හෙරොයින් කිලෝ ග‍්‍රෑම් සියයක් ද සමගින්.

නවාස් නමැත්තා පොලිස් ඔත්තුකරුවකු ලෙස පෙනී සිටිමින් ලබා දුන් ඔත්තුවකට අනුව ඉකුත් 2017 වසරේදී රංගජීව මහතා ඇතුළු පොලිස් නිලධාරි පිරිස මත්ද්‍රව්‍ය වැටලීමකට පිළියන්දල ප‍්‍රදේශයට ගිය අවස්ථාවේ මෙම වෙඩි ප‍්‍රහාරයට ගොදුරු වූ අතර ඉන් එක් පොලිස් නිලධාරියකු මරණයට පත්වූ අතර රංගජීව මහතා මාරාන්තික තුවාල ලබා සුවය ලැබීය.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අනතුරුව නවාස් නැමැත්තා ඉන්දියාවට පලා ගිය අතර, පාකිස්තාන සහ ඉරාන ජාත්‍යන්තර කුඩු ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වා ගනිමින් මහා පරිමාණ කුඩු ජාවාරමේ නිරතව සිටියදී ඉන්දීය පොලිසියට කොටුවී ඇත.

මොහු සමග අත්අඩංගුවට ගත් මොහොමඞ් අෆ්නාස් නමැති අනෙක් පුද්ගලයා සහ නවාස් තමිල්නාඩු ප‍්‍රාන්තයේ සැගවී සිට පාකිස්තානය, ඉරානය සහ ඇෆ්ගනිස්ථානය ආදී රට වල නිෂ්පාදනය කෙරෙන කුුඩු තොග වශයෙන් මුහුදු මාර්ග ඔස්සේ ශී‍්‍ර ලංකාව, මැලේසියාව සහ ඔස්ටේ‍්‍රලියාව ඇතුළු විවිධ රටවලට බෙදා හැරීමේ ජාවාරම මෙහෙයවා ඇති බවද ඉන්දීය පොලිසිය අනාවරණය කරගෙන ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *