පාස්කු ප‍්‍රහාරයෙන් පසු දෙවැනි ඉලක්කය දළදා මාලිගාවයි – බුද්ධි අංශ නිලධාරියෙක් පවසයි

ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ල කරන දෙවන වටයේ ප‍්‍රහාරයකදී දළදා මාලිගාව ඉලක්ක කර තිබූ බවට පාස්කු ප්‍රහාරය සම්බන්ධව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය 22 වැනිදා සාක්‍ෂි ලබා දුන් බුද්ධි අංශ නිලධාරියකු අණාවරනය කර තිබේ. ඒ අනුව ඇසළ පෙරහැර ඉලක්ක කර එල්ල කිරීමට සූදානම් කර තිබූ එම ප‍්‍රහාරයට පුද්ගලයන් දොළොස් දෙනකු සමග අවි ආයුධ සහ පුපුරන ද්‍රව්‍ය ද සූදානම් කර තිබූ බව බුද්ධි අංශ නිලධාරියා කොමිසම හමුවේ තවදුරටත් පැවසීය.

යම් හෙයකින් එම ප‍්‍රහාරය එල්ල කිරීම නැවතුණහොත් ඉන් අනතුරුව අගෝස්තු මාසයේදී හෝ එම ප‍්‍රහාරය සාමාන්‍ය පන්සල් ඉලක්ක කර එල්ල කිරීමට ජාතික තවුහිද් ජමාත් සංවිධානය සැලසුම් කර තිබූ බවත්, පාස්කු ප‍්‍රහාරයෙන් පසුව සයින්දමරුදු ප‍්‍රදේශයේදී බෝම්බ පිපිරීමෙන් මියගිය වැඩිහිටියන් දොළොස් දෙනා එම ප‍්‍රහාරය සඳහා සූදානම් කර සිටි අය බවත් වැඩි දුරටත් එම නිලධාරියා විසින් අනාවරණය කර තිබේ.

බුද්ධි අංශ නිලධාරියා අවධාරණය කර ඇත්තේ ජාතික බුද්ධි සේවය, පොලිසිය, විශේෂ කාර්ය බළකාය, යුද හමුදාව එක්ව කටයුතු කළ නිසා එම ප‍්‍රහාරය වළක්වා ගැනීමට හැකි වූ බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *