පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව හෙට (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව රජය විසින් ගෙන එනු ලබන කල්තැබීමේ යෝජනාවක් ලෙස විවාදයට ගැනීමට නියමිත බවයි.
ඒ අනුව හෙට පෙරවරු 11 සිට පස්වරු 5.30 දක්වා පාස්කු කොමිෂන් සභා වාර්තාව විවාදයට ගැනෙන බව පාර්ලිමේන්තු මහාලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේය. මෙහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බවටයි මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර සිටින්නේ.