පාසල් කරාතේ පුහුණුකාරියගේ මව කුඩු එක්ක මාට්ටු

දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක මත් කුඩු  සමග රත්ගම වැල්ලබඩදී  සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

මේ සැකකාරිය මීට පෙරද මත් කුඩු සන්තකයේ තබාගෙන සැකපිට පශ්න කිරීම සදහා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව ඇප මත නිදහස්ව සිටින මවක් බව ද පොලීසිය කියයි.

සැකකාරිය මත් කුඩු ළග තබා ගැනීමේ චෝදනාව යටතේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හික්කඩුවේ කුඩු සුරංග නමැත්තාගේ භාර්යාව බවත් ඇයගේ දියණිය දකුණේ පාසල් කිහිපයකම කරාතේ උපදේශිකාවක ලෙස කටයුතු කරන බවත් පොලීසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *