කෝටි 23ක කසිප්පු ඕතේ කැලෙන් මාට්ටු

මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරුවකු වන ඔතේ කැලේ මානා නොහොත් සමන් කුමාර නැමැත්තාගේ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා කෝටි විසිතුනහමාරක කසිප්පු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

එහිදී ගෝඩා බැරල් 130 ක් පොලිසිය විසින් සොයාගත් අතර ඔතේ කැලේ ඇළ ඉවුරේ ජයටම කසිප්පු නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය පවසයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකය මගින් සිදුකරනු ලබන වැටලීම් හේතුවෙන් මහා පරිමාණ කසිප්පු ජාවාරම්කරු වන මානා නැමැත්තා පොලිස් නිලධාරීන් අමතා වැටලීම් සිදුනොකරන ලෙසට දුරකතනය කතා කරමින් හඩා වැළපෙන බව ද පොලිසිය කියයි.

මීට සතියකට පමණ පෙර ඔතේ කැලේ ප්‍ර දේශයෙන් ගෝඩා බැරල් 80 ක් වලාන මධ්‍යම දූෂණ මර්දන බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *