පාකිස්තානය පරාජය කළ ද.අප්‍රිකාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් විය.

ඒ පාකිස්තානා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 2ක ජයක් වාර්තා කිරීමත් සමගියි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 211ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම දකුණු අප්‍රිකා කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 301ක් රැස් කළේය.

අනතුරු දෙවන ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම දෙවන ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 237ක් රැස් කළ අතර, ඒ අනුව දකුණු අප්‍රිකා කණ්ඩායමට ජයග්‍රහණයට ලකුණු 148ක ඉලක්කයක් හිමි විය.

එම ඉලක්කය සාර්ථකව හඹා ගිය දකුණු අප්‍රිකා කණ්ඩායම කඩුලු 08ක් දැවී ලකුණු 150ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *