ප්‍රසන්න රණතුංග අමාත්‍ය වරයාට එරෙහි නඩුව කල් යයි

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ මොරින් රණතුංග ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව යළි අගෝස්තු මස 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව තිබුණි.

එහෙත් වර්තමානයේ පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛය ප්‍රකාරව සියලූ නඩු කල්දැමීමට තීරණය කර ඇති හෙයින් එම නඩුවේ වැඩිදුර විභාගය අගෝස්තු මස 30 මන්දා දක්වා කල් තැබීමට අධිකරණය තීන්දු කර තිබේ.

2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ  එම වසරේ ජුනි මස 02 වන දා අතර කාලසීමාව තුල කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ගොඩකිරීමට අවශ්‍යය කටයුතු ඉටුකර දීම සඳහා ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කරමින් එම නඩුව ගොනු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *