කොරෝනවෙන් වැලකීමට ප්‍රතිශක්තිය වඩවන ආහාර ගතයුතු බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි. එමෙන්ම වස විසෙන් තොර ආහාර ගැනීම, ව්‍යායාම කිරීම , මෙන්ම කිරිපිටි භාවිතා නොකිරීම ආදිය සිදුකිරීමත් වැදගත් බව ඔහු පෙන්වා දෙයි.
ඒ පිළිඹද ඔහු මෙසේ වැඩිදුරටත් අදහස් දක්වා තිබේ
“කොරෝනා රෝගය නිසා ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩුවෙනව. මේනිසා දැනට රෝගය වැලදී නැති, නිවසේ සිටින සියලුදෙනා ප්‍රතිශක්තිය වැඩි කරගත යුතුයි . දේශීය ආහාර පරිභෝජනය ඉතාමත් වැදගත්, එවැනි ආහාර ගතයුතුයි. ඒවගේම කිරිපිටි වලින් අපිට ලැබෙන දෙයක් නැහැ”