පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගයෙන් කඩුලු පහක ජයක් වාර්තා කිරිමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය.

ශ්‍රි ලංකා කණ්ඩායමේ එල්ල වූ ලකුණු 205ක ජයග්‍රාහි ඉලක්කය කඩුලු 5ක් පමණක් වැය කර පසුකර යාමට එංගලන්තය සමත්විය.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 236ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ක්‍රිඩා කළ එංගලන්ත කණ්ඩායම ලකුණු 358ක් රැස් කළේය. නැවතත් ලකුණු 132ක් පසුපසින් සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රි ලංකා කණ්ඩායම ලකුණු 326ක් රැස් කළේය.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ කමිඳු මෙන්ඩිස් මෙම ඉනිමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 113ක් රැස් කළේය. ඒ අනුව කමිඳු සිය ටෙස්ට් දිවිය තුළ මේ දක්වා ක්‍රීඩා කළ ඇති ටෙස්ට් තරග හතරේදි ශතක 3ක් වාර්තා කිරිමට සමත්ව තිබේ.

හේ අනුව එංගලන්තයට තරගයේ ජයග්‍රහණ වෙනුවෙන් ලකුණු 205ක ඉලක්කයක් හිමිවිය. තරගයේ වීරයා ලෙස එංගලන්තයේ ජැමි ස්මිත් සම්මාන ලැබිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *