පළමුව දකුණු ආසියාවේ සිටින ලාංකික සිසුන් පිරිසක් මෙරටට ගෙන ඒමට අවධානය

විදෙස් රටවල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති 60,000 ක පමණ පිරිසෙන් පළමු කණ්ඩායම ලෙස දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් පිරිස් මෙරටට රැගෙන ඒමට සැලසුම් කරන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා තිබෙන බවත්, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කර අදාළ පිරිස් මෙරටට ගෙන්වා ගැනීමට මෙහිදී අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *