ඊයේ (20) උදෑසන පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව නොසැලකිලිමත් රිය ධාවනය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ඒ මහතා මෙසේ අදහස් පළකර සිටියේය.
“අනතුර සිදුවූ ස්ථානය අසල ඇති හෞතික හා පරිවේෂණීය සාක්ෂි සැලකිල්ලට ගැනීමේදී පෙනී යන්නේ රියදුරාට මේ බස් රථය පාලනය කර ගැනීමට හැකියාවක් තිබී නොමැති බවයි. කෙසේවෙතත් අදාළ බස් රථය ගැන තාක්ෂණික පරික්ෂාවක් මෝටර් වාහන පරික්ෂකවරුන් විසින් පැවැත්වීමට නියමිතයි. මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන අනුව සෑම අතින්ම අනතුරක් වළක්වාගැනීම රියදුරාගේ යුතුකම හා වගකීම වන බවටයි සදහන් වෙන්නේ.”