ගංවතුර වැළැක්වීම සඳහා රජය ස්ථීර විසඳුම් ඉදිරිපත් කර ඇති බව අවධාරණය කළ රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පරිසර සංවිධාන සහ ඇතැම් දේශපාලනඥයන් නිසා ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවයි.
රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ දකුණට, කළුතරට සහ ගම්පහ දිස්ත්‍රික්කයට බලපෑ ගංවතුර තත්ත්වයට ස්ථීර විසඳුමක් ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් ඇති අතර අද වන විට පවුල් 33,422 ක පුද්ගලයින් 130,021 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද ඔහු පැවසීය.