පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදහස්

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතන නඩුවට අදාළව සැකපිට අත් අඩංගුවට ගෙන සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 ක් නිදොස් කොට නිදහස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය තීන්දු කරනු ලැබීය. පසුගිය නොවැම්බර් 24 වනදා පිල්ලෙයාන් ට ඇප හිමි වූයේ වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුවයි.

මෙම නඩුව පසුගිය 11 වැනිදා මහාධිකරණයේ දී මහාධිකරණ විනිසුරු ඩී.සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණුනි.
නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම්දීමෙන් අනතුරුව අධිකරණය දැනුම්දුන්නේ අද දින (13) නඩු තීන්දුව දෙන බවයි.

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංගම් 2005 වසරේ දෙසැම්බර් 25 වන දින රාත්‍රී දේවමෙහෙය අතරතුරදී මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *