පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත අතර අනතුරුව පෙරවරු 10.30 ට පමණ ඔවුන් දෙදෙනා අතර ද්විපාර්ශවික සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.
සාකච්ඡා අවසන් වූ පසු පකිස්ථාන ආග්රාමාත්යවරයා කොළඹදී පැවැත්වෙන වෙළෙඳ හා අයෝජන සමුළුව ඇමතීමට නියමිතය. අනතුරුව අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළේදී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී පකිස්ථානය බලා පිටත්ව යනු ඇත.
පකිස්ථානු අග්‍රාමාතවරයා ඊයේ පස්වරු 4.00 ට පමණ දිවයිනට ළඟා වූ අතර, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඔහු පිළිගනු ලැබිණි. එහිදී පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පිරිනැමීමක් ද, සිදු කෙරිණි.