පකිස්තානයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් යානයෙන් මෙරටට

පකිස්තානයේ උසස් අධ්‍යාපනය හැදෑරීමට ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එරට රැදී සිටි සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL-1206 දරන ගුවන් යානයෙන් අද සවස 6.05 ට කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබෙනවා.

යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කලේ මෙම පිරිස පාකිස්ථානයේ විවිධ පාඨමාලා සඳහා ගොස් සිටි යුධ, ගුවන් සහ නාවික හමුදාවන්ට අයත් නිලධාරීන් 82 දෙදෙනෙකුගෙන් සමන්විත බවයි. යුධ හමුදාපතිවරයා සඳහන් කලේ එම පිරිස සිය පාඨමාලා සම්පූර්ණ කොට මාසයකට පමණ කාලයක් එරට රැඳී සිටි බවයි.

ඒ අනුව පැමිණි සියලු දෙනාම නිරෝධායනය කිරීම සඳහා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *