සංචරණ

නිසි පියවර නොගතහොත් ඉදිරි සති දෙකේදි කොවිඩ් අවදානම් හතරවෙනි මට්ටමට – රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය

අපේ‍්‍රල් මාසයේ අවසානය දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමක් අපේක්‍ෂා කරන බව වෛද්‍යවරු අනුමාන කරනවා.

සිදුකර ඇති ප‍්‍රක්‍ෂේපනයන් අනුව ශී‍්‍ර ලංකාව තුළ උපරිම රෝගී සංඛ්‍යාවක් වර්ධනයවීම පළමු රෝගියා හමුවී දින 48 ක කාලයක් දක්වා විය හැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ප‍්‍රකාශයන්ට අනුව මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි උපරිම රෝගීන් ගණන 2,000 කට ආසන්නයි. එබැවින් මේ මොහොතේ උග‍්‍ර ප‍්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම සීමාවේදී රෝගීන් 2,500 ක් පමණ වාර්තාවීමට ඉඩකඩ පවතිනවා. එවැනි අවස්ථාවකදී සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමකට ඇති ඉඩකඩ බැහැර කළ නොහැකි බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.

ශී‍්‍ර ලංකාව වත්මන් රෝග ව්‍යාප්තිය 3 ඒ මට්ටම, එනම් නිවාස ආශි‍්‍රත කුඩා රෝගීන් පොකුරු සිටින තත්ත්වයේ පවතිනවා. කෙසේවෙතත් පවතින දත්ත විශ්ලේෂණය කිරීමේදී රෝග ව්‍යාප්තිියේ ඊළග මට්ටම වන 3 බී, එනම් ගම තුළ රෝගීන් පොකුරු වාර්තාවීම දක්වා ක‍්‍රමයෙන් ළගාවෙමින් ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කළේ. එබැවින් නිසි පියවර නොගතහොත් ඉදිරි සති දෙකෙන් ඔබ්බට රෝග ව්‍යාප්තියේ අවසන් මට්ටම වන 4, එනම් සමාජය තුළ රෝග ව්‍යාප්තිය දක්වා යා හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. එබැවින් ජනතාව සතු වගකීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මහතා පවසා සිටින්නේ.

පරීක්‍ෂණ පහසුකම් වැඩි දියුණු කර ඉදිරි අධි වසංගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට වහා පියවර ගත යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සදහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *