නිවුන් දරුවන් දස දෙනෙකු බිහි කළ මවක්

දකුණු අප්‍රිකානු කාන්තාවක් නිවුන් දරුවන් 10 දෙනෙක් බිහිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගොසිආමේ තමාරා සිතොලේ ගේ සැමියා පැවසුවේ පසුගිය මස ඔවුන් සිදුකළ ස්කෑන් පරීක්ෂාවකදී දරුවන් 8 දෙනෙක් පමණක් පෙන්නුම් කළ බවය.

“පිරිමි දරුවන් 7යි. ගැහැණු දරුවන් 3යි. මට සන්තෝෂයි,” ඔහු පැවසීය.

මෙය ගිනස් ලෝක වාර්තාවක් විය හැකි බව සඳහන් වේ.

2009 වසරේදී, නිවුන් දරුවන් 9 දෙනෙක් බිහි කිරීමට අමෙරිකානු කාන්තාවක් සමත් වූවාය. එසේම පසුගිය මාසයේදී, 25 හැවිරිදි මොරොක්කෝ ජාතික කාන්තාවක් නිවුන් දරුවන් 9 දෙනෙක් බිහිකර ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *