නිරෝධායන පනතට බියවන්නේ සෞඛ්‍යමය ආරක්ෂාවට පටහැනිව කටයුතු කරන අයයි – යුධ හමුදාපති

කොවිඞ් 19 රෝගය පාලනය කිරීම සඳහා පසුගියදා ප‍්‍රකාශයට පත් කරනු ලැබූ නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත‍්‍රය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා සිටියි.

ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ නීතියට ගරු කරන කිසිවකුත් මේ පිළිබඳව කලබල විය යුතු නැති බවත්, එම පනත ක්‍රියාත්මක වන්නේ රටේ ජනතාවගේ සෞඛ්‍යමය ආරක්‍ෂාවට පටහැනිව කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව වන බවත්ය. තවද, රජය මෙවැනි නීති ගෙන එන්නේ සමස්ත ජනතාවගේම ආරක්‍ෂාවට බවටත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *