නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ 203ක් අත්අඩංගුවට

ගතවූ පැය 24 තුළ නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 36ක් පොලිස් අත් අඩංගුවට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

ඒ අනුව මේ වනවිට අත් අඩංගුවට පත් සමස්ත සමස්ත ගණන 203ක් බවත්, පොලිස් භාරයට පත්ව ඇති වාහන ගණන 40ක් බවත් ඒ මහතා දන්වා සිටියි. නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල අද දිනයේ දී ආහාර වෙළඳ සැල් සහ ඖෂධ සැල් විවෘත නොකෙරෙන බවද කී අජිත් රෝහණ මහතා, සැමවිටම දුරස්ථභාවය, මුව ආවරණ පැලදීම, අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *