ස්වයං නිරෝධයනයට යොමුකර ඇති පුද්ගලයින් සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් නිසි ආකාරයෙන් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳ සොයාබැලීට පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ මෙම කටයුතු සඳහා සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් අනුයුක්ත කිරීමට පියවර ගෙන ඇති බවයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටින්නේ සෞඛ්‍ය බලධාරීන් නොමැති අවස්ථාවල ස්වයං නිරෝධායනය හෝ ගෘහස්ථ නිරෝධායනයට ලක්කර ඇති පුද්ගලයින් නිවෙස්වලින් පිටවෙන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.
ඒ අනුව සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමටත්, නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
මේ වනවිට රට තුළ පුද්ගලයින් 116,000ක් පමණ ස්වයං නිරෝධායනයේ නිරත වන අතර ඉන් වැඩිම පිරිසක් ගෘහස්ථ නිරෝධායනයේ නිරත වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ආශ්‍රිතවයි.