පිලිපීනය තුළ කොරෝනා මර්දනයට ක්‍රියාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළට සහාය නොදක්වන පුද්ගලයන්ට වෙඩි තබා මරා දමන ලෙස එරට ජනාධිපති රොඩ්රිගො ඩුටරෙට් විසින් පොලිසියට උපදෙස් දී තිබේ.
කොරෝනා වෛරස පැතිරීම හේතුවෙන් පිලිපීනයේ ඇතැම් ප්‍රදේශ හුදෙකලා කිරීමේදී ඊට විරුද්ධව ජනතාව කටයුතු කළ නිසා රූපවාහනිය ඔස්සේ ජනතාව අමතමින් ජනාධිපතිවරයා මෙලෙස ප්‍රකාශය කර තිබේ.
පෙරේදා (01) දිනයේ අත්‍යවශ්‍ය භාණ්ඩ ඉල්ලමින් මැනිලා නුවර ජනතාව උද්ඝෝෂණයක නිරත ව ඇති අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා මෙසේ ජාතිය අමතා මෙම ප්‍රකාශය සිදු කර තිබේ.