නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නම භාවිතා කර ඊසි කෑෂ් ක්‍රමයට කප්පම් අරගෙන

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගේ නම භාවිතා කරමින් ව්‍යාපාරිකයින්ට නිර්නාමික දුරකථන ඇමතුම් ලබාදෙමින් ඊෂි කෑෂ් මගින් කප්පම් ගත් පුද්ගලයින් පිළිඹද තොරතුරු වාර්තා වී තිබේ. ඒ අනුව ඒ පිළිඹදව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය විමර්ශන ආරම්භ කොට තිබේ.

අදාළ ව්‍යාපාරිකයින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් සමග සමීප සම්බන්ධතා පැවැත් වූ බවට පවසමින් ඒවා යටපත් කිරීමට නම් තමන්ට මුදල් ලබාදෙන ලෙස පවසමින් මෙම තර්ජනයන් සිදුකර ඇති බව සිදු කරන ලද විමර්ශන වලදී හෙලිවී ඇත.

මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර බාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගේ නියෝගයෙන් බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත දහනක විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *