පෙබරවාරි 4 වැනිදා පැවැත්වෙන 73 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතු අද (30) දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් කොළඹ නගරය ආශ්‍රිත මාර්ග රැසක විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.
අද දිනයේ සිට ලබන 03 වන දින පෙරවරු 6.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ එම රථ වාහන සැලැස්ම ක්‍රියාත්මක අතර නිදහස් උත්සවය පැවැත්වෙන පෙබරවාරි 04 වන දින අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ මෙම රථ වාහන සැලැස්ම ක්‍රියාත්ම වේ.
නිදහස් දින සැමරුම් උත්සවය සඳහා ගුවන් යානා පෙරහුරු කටයුතු වෙනුවෙන් ගුවන් යානා පහළින් පියාසර කරන බැවින් මේ දිනවල සරුංගල්, බැලුන් සහ ඩ්‍රෝන යානා පියාසර කරවීම වළක්වන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.