නැගෙනහිර සිට යාපනයට යන පෙළපාලිය ගැන පොලීසිය දැඩි අවධානයෙන්

දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ උතුරේ දේශපාලන පක්ෂ වල හා සිවිල් සංවිධාන වල එකමුතුවෙන් සංවිධානය කළ විරෝධතා පා ගමනේ බලාපොරොත්තුව ජාත්‍යන්තර ප්‍රජාවට වැරදි පණිවිඩයක් ලබා දීමට අවස්ථාවක් උදා කර ගැනීමක් බව පොලිසිය පවසනවා. එබැවින් මෙම පා ගමන සම්බන්ධයෙන් පොලිසිය දැඩි විමසිල්ලෙන් කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන විදේශ බලවේග වල අවධානය ලබා ගැනීමට දෙමළ ඩයස්පොරාවේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක විවිධ ක්‍රියාකාරකම් අතරින් නැගෙනහිරි පළාතේ ක්‍රියාත්මක වූ රථ පෙළපාලියක් අධිකරණ නියෝග නොතකා යාපනය දක්වා ගමන් කරමින් සිටින බවයි. ඒ අනුව ඔවුන්ගේ අවශ්‍යතාවය වන්නේ පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන එය වීඩියෝ හා ඡායාරූප මගින් ජාත්‍යන්තරය වෙත මුදාහැරීමට කටයුතු කිරීම බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *