නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.

නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයෙන් අවසන් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී ලකුණු 103 කට සීමා විය.

පැතුම් නිස්සංක රැස්කළ ලකුණු 52 ක සෙසු පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් අපතේ ගියේය.

වනිඳු හසරංග, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ලකුණු 108 කට සීමා විය.

කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් විනාඩි 20 ක් ප්‍රමාද වී රාත්‍රී 7.20 ට ආරම්භ කළේය.

නවසීලන්ත පිල ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 108 (විල් යංග් 30, මිචෙල් සෑන්ට්නර් 19, ජෝෂ් ක්ලාර්ක්සන් 24, නුවන් තුෂාර 22/2, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3, මහීෂ් තීක්ෂණ 16/1)

ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී සියලු දෙනාදැවී 103 (පැතුම් නිස්සංක 52, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14, ලොකී ෆර්ගියුසන් 7/3, ග්ලේන් පිලිප්ස් 6/3)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *