LK reports news sinhala

නවසීලන්තයට එරෙහි විස්සයි 20 සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර නවසීලන්තයේදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතය නවසීලන්ත කණ්ඩායම නොවැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ කළ තරග සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නම් වූ විස්සයි20 ක්‍රීඩකයන් සියලු දෙනාම ඇතුළත්ව සිටියි.

දෙසැම්බර් 28, දෙසැම්බර් 30 හා ජනවාරි 02 දා විස්සයි20 තරග තුන පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින තරගාවලිය පැවැත්වෙයි.

ශ්‍රී ලංකා සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්,භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, ණුවන් තුෂාර, අවිශ්ක ප්‍රනාන්දු, බිනුර ප්‍රනාන්දු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *