ධීවරයින් හරහා කොවිඩ් වෛරස් ප්‍රභේද මෙරටට පැමිණීමේ අවදානමක්

බහුදින යාත‍්‍රාවල සේවය කරන ධීවර ප‍්‍රජාව මගින් කොවිඩ් නව ප‍්‍රභේදයන් මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවත්, එබැවින් ධීවර කර්මාන්තය ආශ්‍රිතව කටයුතු කරන්නන් නිරන්තර පරීක්‍ෂාවන්ට ලක් කිරීම සහ නිරෝධායන කි‍්‍රයාවලියට යොමු කිරීමට කටයුතු කළ යුතු බවටත් ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසයි. කොළඹදී ඊයේ (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව සඳහන් කළේය.

ඒ මහතා අවධාරණය කර සිටියේ මෙරටින් ජාත්‍යන්තර මුහුදේ මසුන් ඇල්ලීමට ගොස් පැමිණෙන බහුදින යාත‍්‍රාවල සේවය කරන ධීවරයන් සම්බන්ධයෙන් සහ වරාය වෙත පැමිණෙන විදේශීය යාත‍්‍රාවල සේවය කරන ධීවරයන් පිළිබඳවද දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා පවසා සිටියේ ධීවරයන් නිසියාකාරව නිරෝධායනයට ලක් කිරීම සිදුනොවීමත් ඇතැම් ධීවරයන් අන්තර් ජාතික මුහුදු සීමාවන්හිදී විදේශිකයන් සමග නීති විරෝධී ආකාරයෙන් ගනුදෙනු කිරීමත් හේතුවෙන් භයානක වෛරස් ප‍්‍රභේදයන් මෙරටට ඇතුළුවීමේ දැඩි අවදානමක් පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *