බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය නිල ෆේස්බුක් පිටුවට අනවසරයෙන් ඇතුළුවීම හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තෙන්නකෝන් ප්‍රකාශ කළේ “මගේ ෆේස්බුක් පිටුවට අනවසර පුද්ගලයකු ඇතුළු වී ඇති බව හෙළි වී තිබෙනවා” යනුවෙනි.
පිටුවේ පාලනය යළි ලබා ගැනීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.