බන්ධනාගාරගතව සිටින දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස පොදු සමාවක් යටතේ නිදහස් කිරීමට අවශ්‍ය පියවරගන්නැයි ඉල්ලා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
ඒ මහතා ලිපිය මගින් පෙන්වා දෙන්නේ මෙම පිරිසට වඩා විනාශකාරී ක්‍රියා සිදු කළ දෙමළ කොටි සංවිධානයේ සාමාජිකයන් වසරක කාලයක් පුනරුත්ථාපනය වී මේ වන විට නිවෙස්වල සිටින බැවින් බන්ධනාගාරවල සිටින දේශපාලන සිරකරුවන් පිරිස වසර දහයකට වඩා වැඩි කාලයක් බන්ධනාගාරගතව සිටින නිසාත් පොදු සමාවක් ලබාදීම සාධාරණ බවයි.
තවද පොදු සමාවන් දීම සාමාන්‍ය සිද්ධියක් බවත්, බෞද්ධාගම පෙරදැරි කර ගත් පාලන ක්‍රමයක් මේ රටේ පවතින බැවින්, මෙම දේශපාලන සිරකරුවන්ගේ පවුල්වල ඥාතීන් මේ වන විට වැටී සිටින අසරණ තත්ත්වය සැලකිල්ලට ගෙන ඔවුන්ට පොදු සමාවක් දීම කෙරෙහි අවධානය යොමු කරවන ලෙසත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායකයා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.