දෙමටගොඩින් තවත් ආසාදිතයින් 15ක්

සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය පළමුවරට වාර්තා වූ දෙමටගොඩ ප්‍රදේශයෙන් තවත් කොවිඩ් -19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් ඔවුන්ට ආසාදනය වී ඇත්තේ කුමන කොවිඩ් ප්‍රභේදය යන්න පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අදාළ සාම්පල ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පැවසුවේය.

දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් 129 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් 15 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

පවතින අවදානම සැලකිල්ලට ගනිමින් දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු අද ආරම්භ කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *