මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කළ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කෙරේ.

හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් කළුතර දකුණ පොලීසියට අනියුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේ, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන බවය.

කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරික්ෂකවරයෙකු රුපියල් කෝටි 53කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 52 ග්‍රෑම් 728 ක්  ප්‍රවාහනය කරමින් සිටියදි අද අලුයම අත්අඩංගුවට ගැනුණි.

ඒ අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාස නිලධාරින් විසින් හික්කඩුව ගෝනපීනුවල ප්‍රදේශයේ දීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *