දූෂණ අක්‍රමිකතා නැති කාර්‍යක්ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කරනවා – ජනපති

දූෂණ සහ අක්‍රමිකතා නවතා කාර්යක්‍ෂම රාජ්‍ය සේවයක් ස්ථාපනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග වදින අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ඊයේ (29) කළුතර දිස්ති‍්‍රක්කයේ චාරිකාවක නිරත වෙමින්.

මේ අතර, සිය රුව භාවිතා කරමින් අපේක්‍ෂකයින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම නතර කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා සියළු පොලිස් ස්ථාන දැනුවත් කර ඇත්තේ එලෙස සිදුකරන ප්‍රචාරණ කටයුතු වහාම නතර කිරීමට කටයුතු කරන ලෙසටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *