විදෙස්ගත ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන හෙට සිට යළි ඇරඹේ

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන හෙට සිට යළි ආරම්භ කිරීමට නියමිතයි. ඒ අනුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට සිකුරාදා සහ සෙනසුරාදා ගුවන් ගමන් 02 ක් සැළසුම් කර ඇති බවත්, 600 කට ආසන්න පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බවත් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා පවසයි.

සවුදි අරාබිය සහ ජෝර්දානය වැනි මැද පෙරදිග රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ඉදිරි ගුවන් වාර සංවිධාන කර ඇති බවත්, මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් විදෙස්ගත ලාංකිකයන් 50,000 කට ආසන්න පිරිසක් අදාළ තානාපති කාර්යාල හරහා ලියාපදිංචි වී ඇති බවත් විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *