මීට දින කිහිපයට පෙර දිවියෙකු විසින් පුද්ගලයෙකු මරණයට පත්කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඊට කෝපයට පත් පිරිසක් විසින් ඊයේ (01) රාත්‍රි පානම වනජීවි කාර්යාලයට අලාභහානි සිදුකර තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ වනජීවී කාර්යාලයට අලාභහානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත්, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පස් දෙනෙක් පානම පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.
මීට අමතරව යතුරුපැදි 2ක්, ත්‍රීරෝද රථයක් සහ පාපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් පොතුවිල් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් අජිත් රෝහණ මහතා සඳහන් කළා.